← Hymns මෙනෙහි කිරීමේ ගී

හෙම්බල ජෙරුසලමේ

පුන ගැයුම:

හෙම්බල ජෙරුසලමේ
ගය ගයා පසස හිමිපා
හෙම්බල සියොනේ සමිදුන් ඔබගේ
පසසව උදන් අනා

වාසල්දොරටු ඔබේ එතුමෝ තර කෙරුවෝ
දරු කැල ඔඛෙ හෙවණේ සෙත් ආසිරි ලැබුවෝ
සීමා ඇතුළෙ ඔබේ සාමය ඇති කෙරුවෝ
සරුවට තිරිඟ වවා ඔබ පුරවා ලූවෝ

හැම තැනැ දෙරණ පිටේ අණ පණිවුඩ යවනෝ
වචනේ එතුමන්ගේ දිවැයයි ලහි ලහියේ
බැටළු ලෝම වාගේ හිමිපා වස්වන්නෝ
අළු වැස්සක් වාගේ පිණි කැට විසුරන්නෝ