← Hymns මෙනෙහි කිරීමේ ගී

වෙති වෙති හිමිපාණෝ

පුන ගැයුම:

වෙති වෙති හිමිපාණෝ රජිඳෝ
තැති ගෙනැ වෙව්ලති ජනතාවෝ
කෙරූබ බලතා තටු පිටැ එතුමෝ
අසුන් අරා සිටිනෝ
පොළොවද කම්පාවේ

සියොනේ කදුමතැ සමිදරුවාණෝ
තෙද බල මහිමෙන් වැජඹෙන්නෝ
සියලුමැ ජන රැස් මත්තේ එතුමෝ
වෙති වෙති එක අදි පතියාණෝ

උන.තින් එතුමන් නම පැසසේවා
ඒ නම බියකරුවේ උතුමේ
හේළි හේළි වෙති ඒ උතුමාණෝ
මහ බල සම්පන්නේ එතුමෝ

සමිදාණෝ අප දෙවි ඉසුරාණෝ
අයැදුම් අපගේ සපල කළෝ
දෙවියෝ ඔබ උන් කමා කරන්නෝ
වරදට උන් දඩුවම් කරණෝ