සුර සෙන් බළ පිරිසේ
සුර සෙන් බළ පිරිසේ සමිඳේ
කොපමණ අගේද නිවෙස ඔබේ
මගෙ අත් බව ඔබ සොයා හැපේ
ඔබගේ මණ්ඩපෙ නිසා තැවේ
පුන ගැයුම:
ඔබ වෙති මගෙ රජිඳෝ
වෙති ඔබ මගෙ දෙවිඳෝ
මගෙ රජිඳේ මගෙ දෙවි සුරුණේ
ඔබගේ නිවහනෙ ඉන්න දනෝ
වෙති පින්වත්හූ ඌ තුමූහූ
සදහට ඔබ පසසා ඉන්නෝ
ඔබගේ මණ්ඩපෙ ඇසුර ලබා
ඉන්නා මට එක දිනක් හොදා
වෙන තැන දින දහසකට වඩා
වෙසෙස ගනිමි ඔඛෙ නිවස මෙදා