← Hymns මෙනෙහි කිරීමේ ගී

මහ කරුණා

මහ කරුණා මෙතින් ඔබේ අනේ දෙවියනේ වන්නැ මට දයා
අනුකම්පා බරින් ඔබේ මකා දමන්නේ මගේ දොස් පමා
දොවනු අනේ තව තව මගෙ / කෙලෙස් මලින් මා //
පිවිතුරුවට පිසැ දමන්නැ / පව් කමිනුත් මා //

මා කළ නොපණත් කම් මම දනිමි හොඳට ඒ මගෙ බර පාපේ
මගේ සිතින් නොමැකීමැයි ඒ පවතින්නේ තිස්සෙ දෙවේලේ
ඔබටමැ හතුරුවැ පමණෙකි / මා පව් කෙරුවේ //
ඔබේ ඇසට පිළිකුල් දේ / මා සිදු කෙරුවේ //

ගැලවුම් කරු දෙවිසුරුණේ මගෙ බර පාපෙන් මා ගලවන්නේ
තවද මගේ දිව ඔබගේ ගුණ කඳ සඳහා තොස පතුරන්නේ
හිමි සදුනේ අනේ ළිහනු / මුව විට මාගේ//
දිවද මගේ එවිටැ ඔබේ / පසස දෙසන්නේ //

ඔබට පුදන කිළිටි පුදත් කෙරෙ® නැත ඔබේ සතුට වඩන්නේ
ගින්නෙ දවන පුදවත් ඔබ පිළිකුලින් නොසා අහක දමන්නේ
පුළුටු පඩුර ඔබට පුදන / බිදුණු සිත මගේ //
බැගෑ බිදුණු හද ඔබ නැත / එපා කරන්නේ //