හරවා කන් ඔබගේ
හරවා කන් ඔබගේ පිළිතුරු දෙනු සමිඳේ
ගැත්තා අසරණයා හිඟකම් අදුනන්නා
පණ මගෙ රැකැ ගන්නේ ඔඛෙ හිතවතා අනේ
ගැත්තා ගලවන්නේ හේ ඔබ අදහන්නේ
පුන ගැයුම:
පෙන්නා දෙනු මට සමිදුණේ
යන්නට ඔඛෙ හරි මග දිග නේ //
මගෙ දෙවිසුරු ඔබනේ - මට කරුණා වන්නේ
දිගටමැ දවස පුරා - සිටිනෙම් ඔබට ඟා
ඔඛෙ ගැතුනට සමිඳේ - තොස වඩවා දෙන්නේ
ඔසොවම් ඔබට මගේ - අත් බව සමිඳානේ
ඔඛෙ හද උණුවන්නේ - කරුණාවෙන් පිරුණේ
උදහස ඔබ සමිඳේ - නෑ නෑ දක්වන්නේ
දයාව උතුරන්නේ - ඇත්තේ ඉසුරානේ
මා වෙත හැරි බලා - මට දක්වනු කරුණා
ඔඛෙ දැස්සගේ පුතා - දිරි ගන්වා ගලවා
ඔබගේ පිය ඇලුමේ - ලකුණක් මා සඳහා
මගෙ සතුරන් හට පා - උන් විළියෙන් පුරවා
ඔබ මා සනසන්නේ - වනු මට පිළිසරණේ