← Hymns මෙනෙහි කිරීමේ ගී

සැලෙන හදින්

සැලෙන හදින් මා තනියම වැලි කතරක් මැද
පා නගන්න බැහැ තනියම ඝන අදුරක් මැද
රෑ අදුරෙ මා තනි වී පාළු බිමක් මැද
මේ අදුරෙ ඔබ එනවද මගෙ දෙවි සමිඳේ

කතර සරා වෙහෙස වෙලා සොය සොයා යමී
අදුර සිඳින පහන් එළිය සොයා මම යමී
පහන් දවන හිමි සෙවනේ දිවිය ගෙවනෙමී
ගමන පාළු නැහැ සමිදුනි ඔබ කැටුව එමී

මාරගයද ඇත්ත ද ජීවනය මම වෙමී
ඔබ තෙපලූ වදන් අසා ඔබ සොයා එමී
ජීවිතයට ආලෝකය ඔබයි කිතු හිමී
අදුරෙ දිලෙන පහන් සිළුව ඔබ මගේ දෙවී

අදුර බිඳන් එළිය අරන් ඔබ එනු දිටිමී
පාළු ගතිය තනිය මකන් ඔබ ගුණ ගයමී
මිනිස් හදත් එළිය කලෝ ඔබ බව දනිමී
පහන දවන් එළිය අරන් ඔබ කරා එමී