← Hymns ඇතුල්වීමේ ගී

හිරු පායන විට

හිරු පායන විට හිරු සමඟින් නමදින්නම්
සදු පායන විට සදු සමඟින් නමදින්නම්
සිතේ අගුණ දුරු කරන් ඇවිත් නමදින්නම්
හිරුත් සදුත් නැති වුනත් ලොවේ නමදින්නම්

දුක දැනෙනා කල දුක සමඟින් නමදින්නම්
සැප විඳිනා කල සැප සමඟින් නමදින්නම්
ගතේ දුබල කම් අරන් ඇවිත් නමදින්නම්
දුකයි සැපයි පිරි මිනිස් ලොවේ නමදින්නම්

ගී ගයනා විට ගී සමඟින් නමදින්නම්
වෙණ වයනා කල වෙණ සමඟින් නමදින්නම්
සමිදු විමානේ ලැඟම් අරන් නමදින්නම්
නැටුම් ගැයුම් ගෙන බැතින් පිරි නමදින්නම්