ගයමු වයමු
පුන ගැයුම:
ගයමු වයමු සමිදු පසසලා - සවන පිනන තාල සදාලා
සමිදු වඳිමු සැවොම එක්වෙලා - අරුත් සපිරි වදන් ගොතාලා
හිරුට එළිය දුන්නෙ කවුරුදෝ ? (කවුරුදෝ)
සදුගෙ සිසිල ලැබුනෙ කොහෙන්දෝ ? (කොහෙන්දෝ)
දහසක් තරු මැව්වෙ කවුරුදෝ ? (කවුරුදෝ)
මිනිස් ලොවද තැනුව දෙවිදුනේ
දේදුන්නෙ පාට ගෑවෙ කවුරුදෝ ? (කවුරුදෝ)
මලට සුවඳ හැමුවෙ කොහෙන්දෝ ? (කොහෙන්දෝ)
කුරුළු ගීත ගෙතුවෙ කවුරුදෝ ? (කවුරුදෝ)
සොබා දහම මැව්ව දෙවිදුනේ
කදුද හෙල්ද මැව්වෙ කවුරුදෝ ? (කවුරුදෝ)
දි යැලි ගඟ සොයන්නෙ කවුරුදෝ ? (කවුරුදෝ)
පිපුන නෙළුම සෙව්වෙ කවුරුදෝ ? (කවුරුදෝ)
සැවොම එක්ව වඳින දෙවිදුනේ