← Hymns පිදීමේ ගී

හිරු එළියේ පොපියන මල්

පුන ගැයුම:

හිරු එළියේ පොපියන මල් ඔබට පුදන්න
මහවැලියේ රන් දියවර ඔබට පුදන්න
අප නිජ බිම රන් මිණි මුතු ඔබට පුදන්න
අවසර දෙනු මැන දෙවිඳේ ඔබ පසසන්න

අපේ ශ්‍රමය පුදසුන වෙත අපි ගෙන එනවා
සිතේ සතුට දුක දොම්නස අපි පුද දෙනවා
හද කුටියේ ජනිත හැගුම් සැම ගෙන එනවා
ඔබේ පහන් වරම් තුළින් අපි සැනසෙනවා

අපේ දිවිය ඔඛෙ දිවියෙන් පණ ගැන්වෙනවා
අපේ සවිය ඔඛෙ සවියෙන් දිරිමත් වෙනවා
අපේ සිතැඟි ඔබ බැල්මෙන් පිරිපුන් වෙනවා
ලොවේ සියලු දෑ ඔබ.තින් නිති සුරැකෙනවා