← Hymns පිදීමේ ගී

ආදර දෙවි පියේ

පුන ගැයුම:

ආදර දෙවි පියේ
පිළිගෙන ඔබ මහිමේ
ඔඛෙ දරු කැල පුදන පඩුරු //
බාර ගනු මැනේ

ගිරි කදුරෙන් ඇද හැලෙනා දිය ගගුලක් සේ
ඔබේ සුසුදු වරම් ජලේ ගලා බසීවා
අප වෙත ගලා බසීවා

යාග පඩුර මඟින් අපේ බැතිය වැඩේවා
ඉමක් නොමැති සදා සැපත අපට ලැබේවා
සමිදුනි අපට ලැබේවා

අප පිය ලන හැම මාවත් එළිය කෙරෙවා
වැරදි මඟට නොවැටෙන්නට නැණ පැහැදේවා
නිවැරදි මඟ වැටහේවා