තෙල්මල් සුවඳ සදුන්
පුන ගැයුම:
තෙල් මල් සුවඳ සදුන්
දෝත පුරා ගෙනෙමින්
බැතියෙන පුදසුන මත තබමින්
පුද දෙමු පඩුරු ලෙසින්
අප මුළු දිවිය පුරා දැරු දුක් කදුළු තබා
මේ කුසලානෙන් ඔබට පුදන්නට
ගෙන එමු පඩුරු ලෙසින්
ලොව යස ඉසුරු දිනා විඳි සුව සතුටු සිනා
යළි ඔබ අතටම නතුකර දෙන්නට
ගෙන එමු පඩුරු ලෙසින්
අප හා අප සතු දේ දෙවිදුනි ඔබට පිදේ
ඔබ දෙවි බව තුළ පිරිපුන් වන්නට
දෙනු මැන අපට වරම්