හිමි සඳේ ඔබ තමා
පුන ගැයුම:
හිමි සඳේ ඔබ තමා මගේ බැටළු එඬේරා
ඇති නොවේ මට කෙදා හිඟයෙක් කොයි දැයින් හෝ
සරසා දෙති මා නිසා
තණ බිම් සරුවට වවා
ඉන්නට කා නිවී සන්හිඳී සන්හිඳී
දක්වති ඔබ ම පිණිසා
හීල දියැති තැන් බලා
සැනසෙන්නට උරා රස බිබී රස බිබී
හේබා යන පණ දමා
දෙති ඔබ යළි පුබුදුවා
ලෙසට මගේ සොදුරු එඬේරා එඬේරා
සත්තක මඟ දිග ගෙවා
යන්නට දෙති සලස්වා
ඔඛෙ නම පා නියම මඟ දිගේ මඟ දිගේ
ඔබ ඇති තැනැ මට නැතේ
විපතෙකැ බිය කිසි විටේ
සැරුවත් මරු සෙවෙණෙ වැසීලා වැසීලා
පොල්ලකි අණ පන වනා
කෙවිටෙකි අත හොබවනා
ඔබ එහෙමයි මෙමා නිවන්නේ නිවන්නේ