මගේ පාද පමණක් නොව
පුන ගැයුම:
මගේ පාද පමණක් නොව
සෝදනු මා හිස දෑතද
එදා ඔබේ අග සව්වන් පැවසුවේ එසේ
සමිෙඳ අපද සෝදනු මැන
ඔබේ සිතැඟි සේ //
ඔබේ සිසුන්ගේ දෙපා දොවින්නට
බැගෑ සිතින් ඔබ පහත් වුණේ
එපා එපා යයි පිළිකෙව් කෙරුණත්
සමිදුනි ඔබ නෑ ඉඩ දුන්නේ //
නො සේදුවොත් මා අතින් ඔබේ පා
නොවේ කිසිදු හවුලක් මා හා
නොතේරුණත් දැන් මා කරනා දේ
පසුවයි ඔබ වටහා ගන්නේ //
මහා මහිමෙ කිතු සමිදරුවන්ගේ
පෙනෙන්නෙ එතුමන් දාස බවේ
බොහෝ දෙනෙකු අද නෑ පැහැදෙන්නේ
පහත්වීම දැක සමිදුන්ගේ //
අපේ සමිදු ගුරු දෙවියන් කළ සේ
බැගෑ බවමැ පිළිගත යුතු වේ
එසේ කළොත් ඉදුරා හැකිවනුයේ
යන්නට එතුමන් අනුගමනේ //
තමන් තමන්ව මැ පහත් කරන්නෝ
උසස් තැනෙහි නංවනු ලබති
උඩගු කමින් මානයෙන් දැපෙන්නෝ
පහත් බවේ පතුලට හෙළෙති //