← Hymns බොදුන් ගී

ලබා ගන්න සදාකාල ජීවිතේ

පුන ගැයුම:

ලබාගන්න සදාකාල ජීවිතේ
කියා දෙන්නැ කියා දෙන්නැ මා කළ යුතු දේ
ලබා ගන්න සදාකාල ජිවිතේ
කියා දෙන්නැ ජේසු සමිදුනේ

කවුරුද ඒ ජේසුතුමන් මෙසේ ඇමතුවේ
නැමී වැටී දෙපා මුලේ එතුමාණන්ගේ
දනවතෙකි මහා එසේ විමැසුවේ
එහෙත් අනේ කලකිරිලා ඇයිදැ ඔහු ගියේ

අනුවැ ගියෙම් දේව පනත් සිටැ යොවුන් වියේ
එයට වැඩියෙ කුමක්දැ මා සමිෙඳ කරන්නේ
දිළිදුනට පුදා ඔබ සතු සැම දේ
එන්නැ එන්නැ හිස් අතින් මැ මා පසු පස්සේ

ජේසුතුමන් කී මෙවදන් ඇසූ පොහොසතා
මිලානවී කරබාගෙනැ ගියේයැ පසු බා
සමිදු මෙත් වඩා උන් ගැනැ මැ සිතා
ඔවා මුවින් වදාළෝයැ, මෙකරුණු හැරැපා

ඇහැකි වුනත් ඔටුවකු හට යන්නට රිගා
ඉඳිකටු සිදුරෙකින් වුවද සැකයට කම් නෑ
ඒ එසේ නමුත් පොහොසතකුට නම්
මෝක්ෂයට ඇතුළුවීම ලෙහෙසි වන්නෙ නෑ

දැන් මුල් තැන් ගෙනැ ඉන්නෝ වෙති අන්තිමයෝ
අද අන්තිමයෝ ඉදිරියෙ වෙති මූලිකයෝ
අපට සවිය නෑ කරනට හැමදේ
අපව මැවූ දෙවිදුට කළ හැකිය සියලු දේ