← Hymns බොදුන් ගී

අපි පොළොවේ ලුණු වමූ

අපි පොළොවේ ලුණු වමූ
සමිදුනි ඔබ කී ලෙසින්
රටට දැයට කැපවෙමූ
අපේම ජිවිතෙන් //

සිතින් දිළිදු අල්පවුවන්
සගය ලබන්නේ
සොමි ගුණයෙන් පහන් වූවන්
පොළොව දිනන්නේ

දුක් වළදා වලපන සිත්
සනසා ලන්නේ
දමිටු කමට පවස් වූවන්
සතපාලන්නේ

පුන ගැයුම:

අපි පහනක් වන්නෙමූ
සමිදුනි ඔබ කී ලෙසින්
ආලෝකය දෙන්නෙමූ
අපේම ජීවිතෙන් //

දයාවතුන් දයාව ලැබ
බගවත් වන්නේ
සුසුදු සිතින් සුසැදි වූවන්
සමිදු දකින්නේ

සමගි දමින් දුවි ගෙවුවන්
දෙව්දරු වන්නේ
දහම නිසා තිළිණ වූවන්
සගය දුනන්නේ