← Hymns බොදුන් ගී

තදම දුකින්

තදම දුකින් මා මේ හැටි පෑරුණේ
වියූ නමුත් මගේ පැතුම් නොබිදුනේ
ගැහී ගැහී වියූ නමුත් තැති ගැනී
මිනිහා නම් අදහන්නට හැකි නොවේ

මට දැක්වූ කරුණා ගුණ කඳ නිසා
කොහොම නිවෙම් සමිදුට මම් ණය ගෙවා
පුද දෙමි මම් ගැලැවීමේ විත නඟා
අයැදුම් මම හිමි පා නම කිය කියා

පොරොන්දු වුණු ණය බාර ද මම් ගෙවා
එතුමන් හැම දන හමුයේ කියම් පා
මරණය සිය හිතවතුන්ගෙ නම් කෙසේ
අගේ වනු දෑ හිමි පා ඇස් ඉදිරියේ

ගැත්ත ඔබේ දස්ස මමයි හිමිසඳේ
මගෙ හිර බැමි ඔබ මැ තමා මුදන්නෝ
පුළුටු පුදක් විසින් පුදම් තෙහිලි ගී
අයැදුම් මම හිමි පා නම වන වනා