පව් ගොඩක් ගොඩක්
පුන ගැයුම:
පව් ගොඩක් ගොඩක් ඈ කෙරුවා
ගොඩක් ආදරෙ පෑවා
ඇගෙ නොවක් නිබොරු විශ්වාසෙ නිසා
ඇගෙ සිත කොතෙකුත් සන්හිදුණා
ජේසුගෙ පාමුල වැටී එදා ඇඩුවා
ඇඩුවා කදුළින් තෙමුවා
දොව දොවා දෙපා ජේසුගෙ තැවුණා
හෙම්බල මරියා මදලේනා
කෙස් වැටියෙන් පා පිසැ දැම්මා නැමිලා
කොතොකුත් පා සිපැගත්තා
පිසැ දමා දෙපා ආලේප කළා
අගනා සුවැඳැති තෙල් ගල්වා
සීමොන් ඔබ නෑ සේදුවෙ මගේ දෙපා
ඔබ මා සිපැ ගත්තේ නෑ
ඔබ අලෙව් කළේ නෑ මගෙ හිස හෝ
එහෙත් ඇගෙන් සැලැකුම් ලැබුණා
ඔබේ දෙපා ළඟැ දනින් වැටී මරියා
මදලේන වගේ සමිඳේ
අඩ අඩ දොවා කදුළින් ඔඛෙ පා
සිටිම් අයැද මම් ඔඛෙන් කමා
බිඳින්නෙ නෑ බට දණ්ඩ පවා තැළුණා
නොනිවයි පහනත් දුමනා
ඔබ ගැනැ නොවේද සමිඳේ කීවේ
හෙම්බල මරියා මදලේනා