හඳයි තරුයි
හඳයි තරුයි හිමයි සැමදැ ඈත දිළෙනවා
එදා ජේසු ගෙනා පුවත එ හැම දන්නවා
මිනිසි දිවියෙ රඟ දැකලා ඒ හිනැහෙනවා
අවදි වන්න ජේසු සුරිදු නැවත වඩිනවා
පුන ගැයුම:
සතුට සුවය පොදි බැදැගෙනැ
පණිවුඩයක් අපට රැගෙනැ
සාම කුමරු නැවත වඩිනවා
ජේසු සුරිදු ලොවට වඩිනවා
එදා උපන් ජේසු මෙදා අප හා වන්නේ
නැවත නැවත දුබල මිනිසි ලොව අමතන්නේ
සගට ඔබින ගුණ වගාව අපට කියන්නේ
දෙවිදු වෙතට ගමන් තරුව පෙන්වා දෙන්නේ