← Hymns නත්තල් ගීතිකා

නිසසල ඒ

,

නිසසල ඒ මිහිරි රැයේ
රස වෑහේ මුතු පැහැයේ
අහස පුරා තරු එළිය දිලේ
පොළොව කරා වැද සිරිය හැලේ
ජේසු පුතා බිහිවී

මව් කැකුලේ රන් උකුලේ
පුත බැබලේ ගොපලු පැලේ
මෙලොව මුදා ලන දෙව් බිළිදු
සිටිනු පෙනේ පොඩි අත් විහිදා
ඛෙත්ලෙහෙමේ බිහිවී

රෑ අදුරෙ ගෝ මැදුරෙ
සිරිය පිරෙ කදු අතරෙ
මංගල මිහිරක රැව් පැතිරෙ
ගී ගගුලැල්ලක දිය ඉතිරෙ
පුත් රුවනක් බිහිවී