← Hymns නත්තල් ගීතිකා

ඛෙත්ලෙම් පුරයේ

ඛෙත්ලෙම් පුරයේ සීතල රෑ යාමෙ හිම කදු හෙල් අතරෙ
කදු හෙල් අතරෙ එඬේරු මතිනේ සුරදුතුවන් එන්නේ
සුරදුතු එන්නේ අහස දිළෙන්නේ එඬේරු කැළැඹෙන්නේ
සාමයේ ගීතේ // පිළි රැව්දේ

පුන ගැයුම:

සුමගුල් පුවතක් අප ගෙනැ එන්නේ
පුත් දෙවිදුන් අද ඉපැදී ඉන්නේ
මහොතුම් දෙවිදුන් මහිමය ඔබවේ
දෙවි හද දිනුවෝ සාමෙ සදන්නෝ

නොබියවැ අසන්න සත හට මංගල සුපුවත දන්වන්නා
කිරි කැටි කිතිදුයි සන්හිදියාවේ දවිපුර උපදින්නා
හානකඩින් එතු දෙවි පුතු ගව ඔරුවේ දැන් සැත පෙන්නා
ගොසින් බලා වැදැ // සාමෙ ලොවට කියව්

සුපුවත පවසා සුරදුතු ලස්සන පැසසුම් ගී ගැයුවා
කදු හෙල් අතරෙ ඒ අනුසාරෙන් එඬේරු ගී ගැයුවා
යමු යමු අපි දැන් ඛෙත්ලෙහෙමට යමු දෙවිදුතු වදන ලෙසා
සාමයෙ ගීතේ// පිළි රැව්දේ

දෙවිදුන් දිළිදුව ගව ඔරුවේ ඇත සැතපී සැනැහීලා
මරිමව ජොසපුන් සමගින් ඔකදින දරු සෙනෙහසැ වෙලිලා
එඬේරු ඇසු දුටු හැමදේ පවසා හැමෝම මවිත කළා
සාමයෙ ගීතේ // පිළි රැව් දේ