දොයි දොයි
දොයි දොයි පුතුනේ බයි බයි පුතුනේ //
පවින් අදුරු ලොව එළිය වුනාවේ
පාප බරින් මිනිසුන් මිදුනාවේ //
පුන ගැයුම:
මගෙ පුතු ලෝකෙට එළිය ගෙනාවේ //
මිනිසුන් මිනිසත් බව ලැබුවාවේ
දෙවිදු ආදරෙ ලොවට ගෙනාවේ
ආදරයෙන් නව ලොව මැවුනාවේ //
ආදරයෙන් සිත ඔකඳ වුනාවේ
රන්කිරි බී මගෙ පුතු වැඩුනාවේ