සීතල පිණි පොද
සීතල පිණි පොද මල් වැහි වාගේ
මුලු පොලොවෙම ඇත පිරි ඉතිරි
එවන් සුමුදු ලස්සන රෑ යාමෙක
ගුවන් තලෙන් ගී හඩක් නැඟේ //
පුන ගැයුම:
සාමෙ සතුට මුළු ලොවට ගෙනා
කුමරුන් සැරදේවා //
ලස්සන තරුවක් දිස්නය දෙමිනේ
ගුවන් තලය ආලෝක කලා
සාම කුමරු මේ ලෝකෙට ආ වග
ඒ තරුවෙන් අපහට කීවා //
සුරදුතු කැලගේ රිදි ගීත හඩ
මුලු පොලොවම ගීතවත් කලා
ලස්සන තරු කැට අහස පුරා විද
දෙවිදු උපන් බව පැවැසූවා //