← Hymns පාස්කු ගී

මා ජේසූ

පුන ගැයුම:

මා ජේසූ මම කළ පව්වලට
ලතවෙමි යදිමි කමා

පවු මග හැරලා යහ මඟ යන්නට
මරණෙට පවරන ලද ඔබ සිහි කර
කුරුසිය කර පිට ගත් ඔබ සිහි කර
බිම වැතිරි දුක් විඳි ඔබ සිහි කර
ඔබ මව හද තුළ දිළි ගිනි සිහි කර
මගෙ ගැලවුම ඔබ වෙත බව සිහි කර
ලේ තැවරුණු ඔඛෙ සිරි මුව සිහි කර
කුරුසිය බර මගෙ පවු බව සිහි කර
ඔඛෙ කරුණාපිරි සිරි හද සිහි කර
කුරුසිය යට පොඩි වුණු බව සිහි කර
විලි නැති පවු මා කළ බව සිහි කර
කුරුසියෙ ඇණ ගැසි සිටි බව සිහි කර
මා මුදනුව පණ දුන් ඔබ සිහි කර
මළ කඳ දැක මව විඳි දුක සිහි කර
මගෙ හද තුළ වැඩ රජ වුව මැන ඔබ