← Hymns පාස්කු ගී

කුරුසේ නැග අත් විහිදා

කුරුසේ නැග අත් විහිදා
මුළු ලෝ තුරුලට බදලා
සිටිනා දෙවි පුත් රදුනේ
ඔඛෙ පා සිඹිමින් වඳිමූ

සිරසේ කිරුළේ මිණිසේ
බැබලේ බිදු වැල් සිරිලේ
කුරුසේ සිටිනා දෙවිඳේ
ඔඛෙ පා සිඹිමින් වඳිමූ

ඔබ හා කුරුසේ නැගලා
ඔඛෙ දෑසින් ලොව බලලා
ඔබසේ කරුණා පාලා
කුරුසේ හිඳිනා සමිඳේ

හිඳිනා ලෙස මා කැඳවා
කල්වාරිය මත නංවා
ඔබ හා මා හා සිටිමූ
කුරුසේ හිඳිනා සමිෙඳ