යහනක විලසේ
යහනක විලසේ සැතැපී සැපසේ
අප ගලවන සේ සිරි කුරුසේ
පණ පුදලමිනේ අප සැම පෙමිනේ
පණ ගන්වමිනේ රැකලන සේ
යනවද ජේසු/// කුරුසියටා
දෙනුවන ඇරිලා කදුලින් පිරිලා
සියොලඟ ඉරිලා දුක් බරවී
සිරිපා නගලා දුර හෙළ බලලා
කුරුසිය කරැලා මුව පරවී
යනවද ජේසූ/// කුරුසියටා
අත් විහිදාලා හදට බදාලා
සැවොම මුදාලා දෙව් දරුසේ
මොක් සැප දීලා සැම රස ලීලා
අප වෙත පාලා ගෙන කුරුසේ
යනවද ජේසූ/// කුරුසියටා