තරු ගොඩක්
තරු ගොඩක් එකට බැදුනා
තව රැයක් පහන් කෙරුවා //
පුතෙක් උපන් බව කියන්නෙදෝ තරු
හෙමින් හෙමින් දිලුනා
පිනි පොදක් පොදක වැදුනා
පොඩි ගඟක් හැදී ගැලුවා //
පුතෙක් උපන් බව කියන්නෙදෝ ගඟ
හෙමින් හෙමින් ඇදුනා
ගී හඩක් ලොවම පුබුදා
සුරලියන් ගයනු ඇසුනා //
පුතෙක් උපන් බව කියන්නෙදෝ හඩ
හෙමින් හෙමින් නැගුනා