← Hymns නත්තල් ගීතිකා

රන් රසින්

පුන ගැයුම:

රන් රසින් රන් බසින් ලොවම පුබුදුවා
දෙව් පුතුන් මරි මවුන් කුසයෙ බිහිවුනා
උකුලෙ නැලවුනා

සාමයේ කුමාරයෙක් ලොවට බිහිවෙලා
සුරදුතුන් සන්තොසින් රඟති තටු සලා
රඟති තටු සලා

සාමයේ උදානයයි මෙත් දයා ගුණේ
ප්‍රේමයේ නිධානයයි වේ අමා සුවේ
කිතු දහම් රසේ

සගපුරෙ සුරනිදුන්ට වේ මහිමය වේ
මේ ලොවේ සුසිත් දනා සාමයෙන් දිනේ
සාමයෙන් දිනේ