← Hymns නත්තල් ගීතිකා

සුර දූත කථා

සුර දූත කථා අසන මෙදා ගොපලු දරුවනේ
සුර ජේසු පුතා උපත ලබා ඛෙත්ලෙහෙමේ දී
රළු පිදුරු ගොඩේ ඔරුව තුළේ නිදනු පෙනේ දැන්
තිර ලකුණු මෙන්න හදුන ගන්න ගමන යන්න දැන්

ඔබ පිබිඳ ගන්න පඩුරු ගන්න බිය නොවන්න දැන්
ගොස් වැඳ පුදන්න දණ නමන්න තෙද බලන්න නම්
ඒ සුර බිළිදුන් වෙව්ලනවා සීතලෙන් වගේ
ලොව ගලව ගන්න ආ කුමරා හිඟන්නකු වගේ

අති උසම තැන්හි දෙවිසුරන්ට මහිමය වේවා
මේ මෙලොව ඉන්න සුසිත් දනට සාමය වේවා
බෝ රංචු රංචු අහස පුරා ගීත ගයනවා
ඒ ඇත්ත සොයා අසල් ගමට අපි දැන් යනවා

අර බැබලෙන මඩුවක් දැක්කද සුර පුර පරදා
දැන් යමු බලන්න එතැනදෝ ඒ කුමරුන් ඉපිදා
මරි මව් තම පුත් කුමරු ඔතා පුනවා ඔරුවෙ දා
දැන් ගොපලුන් එතුමන් පිදුවා සුරවරු පරදා