← Hymns නත්තල් ගීතිකා

ඛෙත්ලෙහෙමේ අද රෑ උපන්නා

ඛෙත්ලෙහෙමේ අද රෑ උපන්නා
ලස්සන බිලිෙඳක් මල් වගේ
මවගෙ ලයේ සුරතල් විඳින්නා
මුතු වැනි රූ සපුවයි ඇගේ

පුන ගැයුම:

ජය ජය ජයසිරි ජය මංගල සිරි
මංගල ආසිරි අත් වේවා
මෙලොවට මේ නත්තල් දිනේ //

තරුවක් බබලයි පුන් සඳක් සේ
රන්වන් රැය අරුණක් වැනියි
කෙදිනකවත් නැති සාමයක් දෙයි
ලොව නව සිරියාවක් ගනියි

ලස්සන මවගේ ඇස් වගේය
බිළිදා නැලවේ මව් ලයේ
දුර ඇති තරුවේ රැස් වගේය
දිස්වී බබලන මේ රැයේ