← Hymns නත්තල් ගීතිකා

ඛෙත්ලෙහෙම් පුරෙ

ඛෙත්ලෙහෙම් පුරෙ
දිළිදු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලෙ නිදයි
ජේසු බිලින්දා //

ලෙලෙන කැන් දිදී
අමුතු තරුවකී
අදුර මැදින් එළිය මවයි
ජේසු බිලින්දා // සාමෙ රජින්දා

නිරිදුන් තිදෙනා
තරුවෙන් දිලෙනා
මඟ අහගෙන යති දැකුමට
ජේසු බිලින්දා // සාමෙ රජින්දා

සත වෙත කරුණා
පිනිදිය ගලනා
මුදු උල්පත පාදා දුනි
ජේසු බිලින්දා // සාමෙ රජින්දා

ඛෙත්ලෙහෙම් පුරෙ
දිළිදු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලෙ නිදයි
ජේසු බිලින්දා // සාමෙ රජින්දා