← Hymns නත්තල් ගීතිකා

බාලොලි බාලොලියේ

බාලොලි බාලොලියේ ////

මිනිස් වෙසින් ආ විමුක්තියේ හඩ
මරිය මවුන් නැලවිල්ලට මුසු වන
ස්වරග රාජ්‍යයේ දොරගුලු හැරලන
දෙව් බිළිෙඳක් ගව ලෙන් ගැබ ඉපදුන //

බාලොලි බාලොලියේ ////

දෑත දෙපය දැඩි යදම් බඳින ලද
දුක් බර වූ ජනතාව අවදි කර
දේව දයා සම කරුණා උල්පත
සීත රැයේ ඛෙත්ලෙහෙමෙන් මතු විය ///

බාලොලි බාලොලියේ ////

පාප අදුර නෙක බිය සැක දුරලන
නව චින්තනයට මාවත හෙලි කළ
රුවන් තාරකා එලියක් දිස්විය
ගුවන්තලේ හිඳ බැලුම් හෙලා ඇත //

බාලොලි බාලොලියේ ////