නීල අහසේ
පුන ගැයුම:
නීල අහසේ තරු බබලන්නේ
ගීත රාවෙන් ලොව පිබිදෙන්නේ
සාම කුමරුන් අප වෙත වඩිනා
ශ්‍රී සුභ නත්තල මේ
සගපුර දෙවිදුට මහිමය වන්නයි
සුසිත් දනන් හට සාමය වන්නයි
ලෝ සත සැම හට සෙත සලසන්නයි
මේ නත්තල් දිනයේ
ආසිරි ගී නද ලොව පැතිරෙන්නේ
ගැලවීමේ හඩ රැව් පිළිදෙන්නේ
ලොවටම සාමය උදා කරන්නේ
මේ නත්තල් දිනයේ