← Hymns නත්තල් ගීතිකා

ජේසු රජාණෝ

පුන ගැයුම:

ජේසු රජාණෝ ලෝ මිදුවාණෝ
ගෝසැලැ ජනිත වුණෝ
ලෝ ගැලවීම නිසාය එතුමෝ
මනු ලොව පහළ වුණෝ

ඛෙත්ලෙහෙමේ පොඩි ගව ඔරුවේ
තණ මත වැතිරි සීතලයේ
දෙව් බිළිදු සැතපේ උඩුකුරුවේ
යව් වඳිනට මෙ රැයේ

සුර ලොවැ දෙවිදුට මහිමය වේ
නර ලොවැ සතුනට සාමය වේ
යන සුර ගී නද රෑ කදුකරයේ
රැව් පිළි රැව් දුන්නේ

සුර දුතු සැරසුණු සුදු වතිනා
බැටළු එඬේරුන් හට පෙනුනා
මනුකය ගෙන ආ වචනය තෙමගේ
උපත දැනුම් දුන්නා

දෙව් බිළිදු පුනවා ඔරුවේ
මරිය ජුසේ දෙදෙනා දෙපසේ
සිටියා රුව දැක බොළඳ සිනාවේ
ගිලෙමින තුටු සයුරෙ