← Hymns නත්තල් ගීතිකා

සාමයෙ කුමරුවනේ

පුන ගැයුම:

සාමයෙ කුමරුවනේ ඔබගේ උපන් දිනේ
සාමයෙ පණිවුඩයේ අහසේ රැව් දුන්නේ
මහිමේ උස් මඩලේ දෙවිඳේ
ඔබ හට හිමි වේවා
සුසිත් දනන් හට දෙරණ පිටේ
සාමය අත් වේවා

යහපත සලසා දෙමින් ගියෝ
ජීවිතෙ ඔඛෙ වියදම් කෙරුවෝ
වෙහෙසෙන්නන් ළං කැරැ ගත්තෝ
සාමෙ නමින් ඔබ දිවි පිදුවෝ

මරුගේ විස දළ බිදැ දැම්මෝ
මළවුන්ගෙන් උත්ථාන වුණෝ
බිය සැක සතුන්ගෙ දුරු කෙරුවෝ
සැමට මැ සාමයෙ සෙත පැතුවෝ

යමි සාමය ඔබ ළඟ මැ තබා
දෙමි මගෙ සාමය ඔබ.තැ ඔබා
නො දෙනෙමි ඒ ලොව දෙන ලෙසටා
ඔබ හට පවරා දෙමි වෙසෙසා

ඇපවෙමු කැපවෙමු පින්වතුනේ
සාමෙ පිණිසැ දිවි ගෙවා අපේ
වැඩ කරනට අප හෙළ දීපේ
සග වැසි උරුමෙට එ පින ඇතේ