රැයක අදුර
රැයක අදුර දුරු වෙලා මුළුම අහස තරු වෙලා
පොඩි තරුවක් හිරු වෙලා මහගු මගුලෙකී
කුරුලු රංචු ඇහැරිලා මල් සීතට ඇහැරිලා
හැම තැන හිම ඉහිරිලා මහගු මගුලෙකී
සීතත් ඇත ගීතත් ඇත
රැයකුත් ඇත ගෙයකුත් නැත
ගව්වක් දුර යන්ටත් ඇත
දරුවකු සොයලා
සැනසුම නැත උණුසුම නැත
මව් රුවණට පුතකුත් ඇත
යමු යන්නට ගොස් එන්නට
මේ පුත බලලා
වැසි පොද පොඩි මුතු වගෙයි කෝටි හතක හතු වගෙයි
මුතු කුඩයක හැඩ වගෙයි අහස පෙනෙන්නේ
සුවඳ වහිනවා වගෙයි මිහිර බහිනවා වගෙයි
ගඟක් හැදෙනවා වගෙයි සුවඳ ගලන්නේ
ඛෙත්ලෙහෙමේ පොඩි පුතා සිටියි අහුරකට ඔතා
සිඟිති සිතුම් සිත සිතා ඇඟිලි උරන්නේ
මවට ඇසින් කර කතා දරු හුරතල් පතා පතා
ඇඟිලි එකට ගොත ගොතා මැණික් ගරන්නේ