සීනු හඬින්
සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගව හලකට තරුවක් යනවා
අහසට පොළව ගැටේ //
තරු එළියේ කදු වැටියේ
ඛෙත්ලෙහෙමේ මංගල එළියේ
මල් වැසි වසිනු පෙනේ
තටු ගෙන සුදු හිම ඉගිලෙනවා
අතුමත මුතුමෙන් බබලනවා
හිරු කැන් සුදු ඊතල වෙනවා
සැම තැන රිදී වගෙයි//
දිය සීරා කදු පීරා
වන්නම් ගමනින් බැස එනවා
දිය බිදු ඇඟ සොලවා