කලකට පෙර ඒ ඛෙත්ලෙහෙමේ
කලකට පෙර ඒ ඛෙත්ලෙහෙමේ
ශුද්ධවූ නගරෙ
ජේසූ මෙලොවට බිහිවුණේ
පුංචි ගව මඩුවේ //
උදුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ
දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ
සීත සුළං රැළි දසත හමද්දි සැතපීලයි උන්නේ
දුප්පත් එඬේරු මේ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ
මරිය තුමීගේ පෙම්බර මුහුණේ එළියක් දිස්වූයේ
ජුසේ තුමා කිසි දාකත් නෑ දෙවි අනකට පිටුපෑවේ
වටපිට රොක් වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසතී
රජ තුන් කට්ටුව බිළිදු ළඟ වැටී පඩුරු ඔප්පු කරතී
මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා
දිවස් වරුන් බොහෝ කලකට පෙර කී දේ ඉන් ඉටුවූවා