← Hymns නත්තල් ගීතිකා

රෑ තරු බබළනවා

රෑ තරු බබළනවා, මල් පිපිලා වාගේ
එළියෙන් නැහැවෙනවා, මල් වැහැලා වාගේ

රැව් පිළි රැව් දෙනවා
ගීතනාද වාගේ, ගීත නාද වාගේ
බිළිඳකු හිනැහෙනවා
මුහුදක රැළි වාගේ

සීත සුළං එනවා, උයනක සිරි වාගේ
ගොපලුන් දුර එනවා, පැණි බමරුන් වාගේ

බිළිඳකු හිනැහෙනවා, පොපියන කුසුම් වගේ
තුරුලක පෙරැලෙනවා, හිම මත හිම වාගෙ