← Hymns පිදීමේ ගී

හද බැති තුති මල්

පුන ගැයුම:

හද බැති තුති මල් පොකුරු තිලිණ කොට
පුදදෙමු ඔබ හට දෙවි සමිඳේ
මෙතෙක් ගෙවී ගිය අපේ දිවිය තුළ //
ලැබූ දිමනා සමරමිනේ

ඔබේ වචනයෙන් ඔබේම දහමෙන්
අපේ දිවිය සරු වී වැඩුණේ
ඔබේ බැල්ම තුළ රැකවරණය තුළ
අපේ ගමන නිසි මං ගැනුණේ //

නිමක් නොමැති ආදර කරුණාවේ
උණුසුම ඔබගෙන් අප ලැබුවේ
සොයුරු පෙමේ රන් දමින් වෙළෙන්නට
දෙන්නැ වරම් නිරතුරු සමිඳේ //

මිනිස් ශ්‍රමය පිලිබිඹු කර දක්වන
පූපය මිදියුෂ ඔබට පිදේ
නව ‚වනයට අප ඔසොවන්නට
දිවමන් සමිදුන් සිරුර ලැබේ //