හදට හද ඇදේ
හදට හද ඇදේ මලට බිගු ඇදේ
එලෙස මහද සමිදු දෙසට සැම වෙලේ ඇදේ //
රුවට නෙත යතේ සැපට සිත බැඳේ
එකමැ ලෙසම මගේ හදත් සුරිදු වෙතැ ඇදේ //
වතට වත දිදී ආදරින් බැඳේ
එලෙස මාද සමිදු සමඟ ආදරින් බැඳේ //
කිරට ලෙය හැරෙ ළදරු කුස පිරෙ
මෙලෙසැ සැමදා තැවෙන මහද සමිදුගෙන් පිරෙ //
පෙමට පෙම බැඳේ මවට දරු බැඳේ
සැබෑ ලෙසම දුබල මාද සමිදුනට බැඳේ //
ළහිරු රැස් ලෙසේ සගෙයි සැප පෙනේ
එසේ සමිදු දැකුම මගේ එකමැ සැපත වේ //