ඉසුරු සැපත්
පුන ගැයුම:
ඉසුරු සැපත් විඳිමින් අප ගෙවන ජීවිතේ
තාවකාලිකයි, ඒ බව සිතව් මිනිසුනේ
හරි නුවණක් නොමැතිව ගත කරන ජිවිතේ
අතුරුදහන් වෙයි තිරිසන් සතුන්ගේ වගේ
මගේ දෙතොල් දෙසයි වදන් උතුම් විනැණයේ
මගේ හිතද විදක්නයේ රහස කියන්නේ
උවදෙස් වැකියකට මගේ සවන් යොමන්නේ
විහිණ නදින් සියළු ගැටළු මා විසඳන්නේ
කුමට බියෙන් සැලෙන්නෙ මා විපත් වතාවේ
අදමිටුකම් මා ලුහුබැදැ වටකැරැ ගන්නේ
ධනය කෙරෙ විශ්වාසය උන් රඳවන්නේ
වස්තුව ගැනැ පුරසාරම් ඔවුන් දොඩන්නේ
මෙලොව බදාගෙනැ හැමදා ඉන්නේ කව්දෝ
නැණ ඇති නැති සියලු දෙනා මියැදි යන්නෝ
අනුන් හැටමැ සිය සම්පත් අතහැරැ යන්නෝ
මිනීවළයැ උන් සතුවන එකමැ නිවහනේ