← Hymns බොදුන් ගී

සමගි වමූ

පුන ගැයුම:

සමගි වමූ සමගි වමූ
අපේ කුරිරුකම් දුරු කරදා
අපේ මැ පව්කම් අතහැරදා
පසුතැවී සමගිවමූ

ලෝ දනහට දෙන්නට නව ජිවේ
සමිදුන් කුරුසේ දිවි පිදුවේ //
අප දෙවිදුන් හා සමගි කළේ
ඒ පින් බල මහිමේ

කරුණා ගුණ මිණි බරණින් සැරසී
වැරදි ඉවසමින් සමාව දී //
කිතුනු කමට දෙස් දෙමු පැහැදී
එකමුතු කමින් බැඳී

සමිදුන් ගෙන දුන් ගැලවුම සපිරෙ
විමුක්තියේ ජය නද පැතිරෙ //
නංවමු ලොව ජනතා අතරෙ
සාමයෙ සුව මිහිරෙ