← Hymns බොදුන් ගී

ජේසු සමිෙඳ

පුන ගැයුම:

ජේසු සමිෙඳ ඔබට පෙම් කළා
මා සොහොයුරු තුළ ඔබ සිටියා
ඔබේ නමින් ඔහුට පෙම් කළා
සොයුරු මුවින් ඔබව පැසසුවා

කුසගින්නෙන් පෙලෙනා විට
කන්නට දී ඔහුව සැනසුවා
පිපාසයෙන් පෙලෙනා විට
බොන්නට දී ඔහුව සැනසුවා

අගුවෙ පිලේ වෙසෙන වුන්ට
මා නිවසේ දොරගුලු ඇරුණා
දුක පවසා යදින්නන්ට
මගේ හදේ සෙනෙහස ලැබුණා

සිරගත වී සිටිනා කල
බැහැ දැක ඔහු දුක තුනි කෙරුවා
සීතලයෙන් ගැහෙනා විට
කබායකින් උණුසුම් කෙරුවා