← Hymns බොදුන් ගී

මගේ සිතට

පුන ගැයුම:

මගේ සිතට සහනයක් පතා
සමිදුගෙ පාමුල වැඳ වැටිලා
යැදුම් ගොඩක් යැද සිතුම් පැතුම් සැම
එතුමන් සුරතට බාර කළා

මව් පිය සෙනෙහස මට නොලැබේ
සොහොයුරු ප්‍රේමය ලැබ නොමැතේ
එහෙත් සමිෙඳ ඔබගේ ප්‍රේමේ
කෙලෙසින් හෝ මට පෙන්වන්නේ

මිතුරු හමුව මට තහනම් වී
සමාජ ඇසුරට ඉඩ නොලැබී
සිටිනා විට මා තනිකඩ වී
ඔබ මට මිතුරකු ලෙස පෙනුණි

ඛෙදා හදා ගෙන සිතුම් පැතුම්
හා දුක සැප මගෙ පැන සමගින්
සිටියෙ නැතත් කිසි කෙනෙකු ළඟින්
සමිදු වෙසෙයි නිති මා සමඟින්

ඔබ මට දිනෙක පියෙක් වූවා
තවත් දිනෙක මට මව වූවා
සොහොයුරු සොහොයුරියන් වූවා
සැම දා මට මිතුරෙක් වූවා