වැරහැලි එල්ලා
වැරහැලි එල්ලා ගත් යාචකයින්
අප වෙත එන්නේ පිහිටක් සොයමින්
ඇයි අපි දුගියන් හරව යවන්නේ
ජේසුතුමන් නොවැ එලෙසින් එන්නේ
කුසගිනි දැනිලා වැහැරුනු සිරුරින්
බියසුලු ගතියෙන් වෙව්ලන දුගියන්
අප වෙත එන්නේ කුසගිනි නිවුමට
ජේසුතුමන් නොවැ එලෙසින් එන්නේ
අම්මගෙ කිරි රස නොමැතිව හඩනා
කිරි කැටියා සිය දෝතට ගනිමින්
මහ මග අයිනේ සිටිනා මවකින්
ජේසුතුමන් නොවැ අපැ.ස දකින්නේ
දුක් ගිනි මැලයේ පෑරුණු සිතකින්
ජීවය තේරුම් නැත යයි සිතමින්
සිටිනා සොහොයුරු සොහොයුරියන් වෙත
ජේසුතුමන් ලෙස සරණය වමුනේ