දෙවි සමිදුන්
පුන ගැයුම:
දෙවි සමිදුන් අප හට දුන්
තිළිණයකි මේ ජීවිතේ
අප හැකිකම් අප සුරුකම්
පිණිසැ යොදවමු ජන සේවේ
ලද උපතින් කුසලතාවන්
නොදෙමු යන්නට අපතේ //
දෙවි මහිමය හා සත සෙත උදෙසා
වැයවෙමූ වැයවෙමූ
ඒ යුතුකමයැ අපේ
පුතු දෙවිදුන් දිවිය පුද දුන්
මිනිසි වග වෙතැ මෙත පා //
අප හට පෑ මගැ පියවර තබමින්
කැපවෙමූ කැපවෙමූ
හිත සුව පිණිසැ ලොවේ
දෑ අබිමන් නිතොර වඩමින්
සිරුරු දහදිය වගුරා //
දෙස රැස හා බස දියුණුව සඳහා
වෙහෙසෙමූ වෙහෙසෙමූ
සුව පහසුව නොතකා