මොහොතින් මොහොතට
පුන ගැයුම:
මොහොතින් මොහොතට දිවි ගෙවමූ.
හැම ගැටලුවකට මුහුණ දෙමු
සමිදුන් අත ගෙන පිය නගමූ
කරදර සිතකට ඉඩ නොදෙමු
සමිදුන් වදහල බස් අසලා
පළමුව එකමුතු කම සොයලා
දැහැමිව කිතු රජයම පතලා
යමු යමු පෙරටම වෙන් නොවෙලා
විහගුන් අටු කොටු පුරවත්ද
කන බොන දෑ ගැන දුක්වෙත්ද
ලස්සන කුසුමෙන් විල සැරසේ
දෙව් පිය වැඩියෙන් අප රැකදේ
මඳ ඇදිහිල්ලට ඉඩ නොදෙමූ
කදු සෙලවෙන ඇදහිම පතමු
සාමය සතුටද අත් දැකලා
පී්‍රතිය අප හද උතුරවලා