← Hymns බොදුන් ගී

ඔබ අදහන්නෝ

පුන ගැයුම:

ඔබ අදහන්නෝ මා සමිඳේ
ඔබගේ කටහඩ අඩනන්නෝ
බැටළු පැටව් තම එඬේරගේ //
කට හඩ අඩනා ගන්නෝ

බැටළු පැටව් වමු අපි කිතුනුවනේ
අදුනා ගනිමු ද අපි අපගේ
බැටළු එඬේරා කවුදෝ
දීමම වෙමි යහපත් බැටළු එඬේරා
වග තුග ඔඛෙ කී සැටි සමිඳේ

එති මා පසු පසැ බැටළු පැටව් මගෙ
නෑ යන්නේ උන් ඈත් වැලා
මමයි උනට රැකවරණේ
කෑමට බීමට නිසි තැන් රිසිතැන්
වෙතැ උන් මා දක්වා යන්නේ

අසා ඔබේ හඩ කැඳැවීමේ අප
මෙතෙක් දුරට ඔබ පසු ආවේ
ගැටළු ඉබෝ මතුවන්නේ
කන්දී සිටියොත් කට හඩට ඔබේ
ලිහාගන්න ඔබ අත දෙන්නේ

දීයතිද ඔබත් මා අත්හැරැ දමලා
යනුවෙන් සව්වන් විමැසූ දිනේ
කෙලෙසද පිළිතුරු ලැබුනේ
දීඔබ ළඟැ ඇත්තේ දිවමන් වචනේ
කොහේ යමුද තව කාව සොයා

එකහිත් නම් කමු උයා පළාවත්
වෙන හිත් නම් යමු අතේ වෙනත්
කීමෙකි ඒ කට වහරෙ
පෙරට තැබූ පය නොගන්නැ ආයෙත්
පස්සට හෙම නම් මැරි ගියත්

කවදාවත් ඔබ නෑ පසු බැස්සේ
ජේසු කිතුනි මගෙ හිමි සදුනේ
කුරුසෙන් ඔබ නෑ බැස්සේ
කීවත් කපටින් ඔඛෙ හිත නළවා
උන්ගෙ වචනෙ ඔබ නෑ ඇහුවේ