← Hymns බොදුන් ගී

වෙමි මම මිදි වැල

පුන ගැයුම:

වෙමි මම මිදිවැළ පවසමි ඉදුරා
මිදි වැළ මමයි හැබෑ
මිදි උයනේ පාලකයෝ
වෙති මගෙ පියාණනෝ

ඇඳැ ඇඳැ සිත්තම් ළකරින් උපමා
දෙසූහ ලොව්තුරු දහම ඔබේ
ඒ සුබ අස්නේ දිවමන් වචනේ
දුවයි දුවයි ලෝ සතර අතේ

මා තුළැ ඇති හැම අතු පල නොදරන
දමනු ලැබේ එකිනෙක සිඳලා
පල දරනා අතු පැහැ පැහැ දමනෝ
පල වැඩි වැඩියේ දෙනු සඳහා

මම වෙමි මිදිවැළ, ඔබ එහි අතු වෙති
කවුරුද මා හා එක් වන්නේ
පල දරනු ඇතේ ඉබොහෝ හෙතෙමේ
ලබමින් නිතොරවැ මා ජීවේ

නොහැකියැ කිසිවක් ඔබ හට කරනට
නොමැතිවැ මා හා එකට බැඳී
ඇතිනම් ඔබ තුළැ වචනේ මාගේ
ඔබ ඉල්ලන හැම දෙයක් ලැබේ

සමිඳේ මේ උපමාවෙ කතා වේ
ගැඹුර අරුත් තෝරා දෙන්නේ
කිතුනුවනේ ඒ අප ජීවිතයේ
පරමානන්දේ වියැ යුතුවේ

කිඳැවී ඔඛෙ හද ඇතුළට කිඳැවී
තේරුම් ගන්නට දෙනු සමිඳේ
සුදතුන් දැණන් වරම් ප්‍රසාදේ
ගතවූවෝ අපි කිතුන් බෙඳ