කොපමණ රස වෙතිඳෝ
පුන ගැයුම:
කොපමණ රස වෙතිදෝ සමිඳෝ
දනිව් බලා එතුමා
කොතෙකුත් රස විඳැලා, විදැලා
දනිව් බලා එතුමා
හිමිපාණන් මම් හැම කල දවසේ
සිටිම් පසස පසසා
එතුමන් වරුණේ ඇත මගෙ දෙතොලේ //
ස∞කාලෙ තිස්සේ
උදමින් පිපෙමින් හිමි සදුන් කෙරෙ
මගෙ අත් බව තුසිනේ
බැගෑ සිතැත්තෝ අයා නමා කන් //
සතුටු සිතින් දැපෙනෝ
සිටිව් වනා හිමිපාණන් මහිමේ
මා හා එකතුවැලා
පසසමු අපි හැම සබා සමුළු වී //
එතුමන් නමට නමා
හෙව්වා හෙව්වා මා හිමිපාණන්
පිළිතුරු මට ලැබුණා
මගේ සියලු තුති ගැන්වීමේදී //
එතුමෝ මා මිදුවෝ
බලන්නැ එතුමන් දෙසැ නෙත් විදහා
උදුලින් පිපී පිපී
මුහුණ ඔබේ හෙම නෑ හැකිළෙන්නේ //
ලජ්ජාවට පත් වී